මුදල් ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මාස 03 ක කාලයක් සඳහා මෙලෙස ශ්‍රී ලාංකිකයන්ට (ශ්‍රී ලාංකික නේවාසිකයන්ට) රටින් මුදල් පිට කිරීම තහනම් කර තිබේ.
කෙසේ වෙතත් රටින් පිටත සිටින්නන්ගෙන් ලබා ගන්නා විදේශීය මුදල් වෙනත් රටක ආයෝජනය කිරීමට හෝ රටෙහි මේ වනවිට පවතින නියාමන අවශ්‍යතාවන් සපුරාදීම සඳහා සිදුකරන ආයෝජන මෙන්ම ව්‍යවහාර මුදල් ගිණුම් හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම් හරහා සිදු කරන ජංගම ගනුදෙනු සඳහා මුදල් රටින් පිට කිරීම තවදුරටත් සිදු කිරීමට මෙම ගැසට් නිවේදනයෙන් අවකාශ සලසා දී ඇත.