මේ වන විට ලොව පුරා පුද්ගලයින් 119,701 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.එය 26,448 ක්.
ඊයේ (13) දිනයේ ද අමෙරිකාවෙන් පුද්ගල මරණ 1513 ක් වාර්තා වූ බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉතාලිය තුළ ද මේ වන විට මරණ 20,465 ක් සිදුව තිබේ. පුද්ගලයින් එක් ලක්ෂ 59,516 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ. ලොව දෙවන වරට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙන්. එම සංඛ්‍යාව එක් ලක්ෂ 70,099 ක්.