අලිබාබා සමූහයෙන් උපකරණ කට්ටල 20,000ක්

අප්‍රේ 16, 2020

    අලිබාබා සමූහයේ නිර්මාතෘ ජැක් මා පදනම හා අලි බාබා පදනම එක්ව කොරෝනා රෝගය හඳුනා ගැනීමේ උපකරන කට්ටල 20,000ක් මෙරටට පරිත්‍යාග කර තිබේ.

    අමෙරිකානු ඩොලර් 129,011 වටිනා මෙම වෛද්‍ය උපකරණ කට්ටල ඔවුන්ගේ මෙරට නියෝජිතයන් විසින් අද (16) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දුන්නේය. මෙම පරිත්‍යාගය කර ඇත්තේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දැක්වීමක් ලෙසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 16 අප්‍රේල් 2020 15:47

    Latest News