රථවාහන දඩ ගෙවීමට සහන කාලයක්

අප්‍රේ 21, 2020

    ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ගෙවීම් සිදුකිරීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා සඳහා සහන කාලයක් ලබාදී තිබේ.

    පොලිස්පතිවරයාගේ එකඟතාවය මත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය යටතේ මැයි මස 2 වැනිදා දක්වා එම සහන කාලය ලබා දී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ අනුව මාර්තු මස පළමුවන දින හෝ ඊට පසුව නිකුත් කළ දඩ පත්‍රිකා, අතිරේක දඩ මුදලකින් තොරව ඕනෑම තැපැල් හෝ උප තැපැල් කාර්යාලයක් වෙත ගෙවීමට අවස්ථාව හිමිවේ.

    පෙබරවාරි මස 16 වනදා සිට පෙබරවාරි මස 29 වනදා දක්වා නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා, සම්මත අතිරේක දඩ ගාස්තුව සහිතව ගෙවීමට ද මැයි මස 2වැනිදා දක්වා සහන කාලය ලබාදී තිබේ. අදාල සහන කාලය මැයි මස 2වැනිදා දක්වා පමණක් ලබා දී ඇති බැවින් එම කාලය තුළදී අදාල දඩ පත්‍රිකා ගෙවන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 14:55

    Latest News