ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වේ

අප්‍රේ 23, 2020

    කථානායක නිල නිවසේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පෙරවරුවේ රැස්විය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, මහින්ද සමරසිංහ, බිමල් රත්නායක සහ තලතා අතුකෝරළ මහත්මියද ඊට සහභාගී වූහ.

    ඊට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් වන ජාවෙඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වකුමාරන් යන මහත්වරුන් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහලේකම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා හා නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතාද ඊට එක්ව සිටියහ.

    සාකච්ඡාව ආරම්භයේදී ආණ්ඩුක්‍රම ව්‍යසවස්ථා සභාවේ සාමාජිකයෝ සියළුම ස්වාධීන කොමිෂන් සභා වල ප්‍රගතිය සමාලෝචනයට ලක් කළහ. ස්වාධීන කොමිෂන් සභා විසින් ආණ්ඩුක්‍රයම ව්‍යවස්ථා සභාවට එවා තිබූ කාර්ය සාධන වාර්තා මෙහිදී අවධානයට ලක් විය.

    Latest News