පාසල් නිල ඇඳුම් වව්චරයේ කාල සීමාව දීර්ඝ කෙරේ

දෙසැ 21, 2018

    පාසල් නිල ඇදුම් වවුචර පාසල් නිවාඩුව අවසන්වීමට පෙර පාසල් වෙත යොමුකිරීමටත්, වවුචරයේ වලංගු කාලසීමාව පෙබරවාරි 28 දක්වා දීර්ඝ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    පාසල් දරුවන් සදහා නොවැම්බර් මස පස්වන දින වන විට ලබාදීමට නියමිතව තිබූ නිල ඇදුම් වවුචර පසුගියද රජයේ මැදිහත්වීම හේතුවෙන් බෙදාහැරීම නතර කර තිබුණි. මේ හේතුවෙන් පාසල් දරුවන්ට ලබන වසර සදහා පාසල් නිල ඇදුම් වවුචර හිමි නොවීය.

    පෙළපොත් බෙදාහැරීම ද පාසල් නිවාඩුවට පෙර අවසන් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. පාසල් සිසුන් වෙත ලබා දෙන පෙළ පොත් බෙදාහැරීමේ කටයුතු පසුගිය දින 50 නීති විරෝධී ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් අඩාල වී තිබූ බවට චෝදනා එල්ල විය.

    ෙඅධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් තමා සැමවිටම ජාතික ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ බවත් කිසි විටෙකත් තමා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සමග දේශපාලනය පටලවා නොගත් බවත් අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාසල් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ආරම්භ කළ සියලු වැඩසටහන් සක්‍රීය කිරීමට පියවර ගන්නා බව ද අවධාරණය කළේය.

    සුරක්ෂා සිසු රක්ෂණාවරණය, ළගම පාසල හොදම පාසල වැඩසටහන, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ආදී වැඩසටහන් රැසක් මේ වන විට අඩාල වී ඇති බවත් වහාම ඒවා යථා තත්වයට පත් කර ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.

    Latest News