විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා 10 වැනිදාට පෙර

අප්‍රේ 26, 2020

    විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර ලබාදීමට හැකි බව මුදල් අමාත්‍යංශය පවසයි.

    අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළේ, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය සතු බවයි.

    විශ්‍රාම වැටුපට අමතරව ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව, සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ඇතුළු සෙසු දීමනා එලෙස නිශ්චිත දිනට ලබාදීමට පියවර ගැනෙනු ඇති.

    එස්.ආර් ආටිගල මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුප ලබන මස 25 වැනිදා නියමිත පරිදි ගෙවීමටද කටයුතු කරන බවයි.

    Latest News