ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශවල, අඩු පහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාත්මක වන බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන සඳහා මුල්‍යාධාර පිරිනැමීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
විහාරස්ථාන 46 ක් වෙනුවෙන් රුපියල් මිලියන 195 ක මුදලක් මෙහිදී පිරිනැමුණු අතර, විහාරාධිපති ස්වාමින්වහන්සේලා වෙත අදාළ චෙක්පත් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.
ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත බෞද්ධ පුනරුද අරමුදල 2016 වසරේ දී ආරම්භ කෙරුණු අතර 2016 වසරේ රුපියල් මිලියන 116 ක් ද, 2017 වසරේ රුපියල් මිලියන 167 ක් ද, ඒ යටතේ ප්රදානය කර තිබේ.
බෞද්ධ පුනරුද අරමුදල යටතේ අඩු පහසුකම් සහිත විහාරස්ථාන විශාල ප්‍රමාණයක සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ති‍්‍රවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහාය සහ ශ්‍රම දායකත්වය එම කටයුතු සඳහා ලබාදීම සිදු කෙරෙයි.
ඉඩම් පිළිබඳ ගැටලු ඇති ඇතැම් විහාරස්ථාන සඳහා පූජා ඔප්පු පිරිනැමීමෙන් එම ගැටලු නිරවුල් කිරීමට ද ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මේ වන විට පියවර ගෙන තිබේ.
අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මහානායක ස්වාමින් වහන්සේ, නැගෙනහිර පලාත හා තමන්කඩුව යන දෙපලාතේ අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මකුරුපේ ශී‍්‍ර ධර්මකීර්ති ඉන්ද්‍රජෝති පඤ්ඤාසේකරාභිධාන නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...