ඩෙංගු රෝගීන් ව්‍යාප්තවීමේ අවදානමක්

අප්‍රේ 29, 2020

    ඩෙංගු රෝගය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මදුරු ඝනත්වය වැඩිවීම ඊට හේතුවයි. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ඩෙංගු රෝගීන් ව්‍යාප්තවීමේ අවදානමක් පෙන්නුම් කර ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ, නිරිත දිග හා ඊසාන දිග මෝසම් වැසි කාලගුණය ආශ්‍රිතවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති සාකච්ජාවකදී මේ බව අවධාරණය කෙරිණ.

    ඩෙංගු මර්දනයට ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලෙසත්, තාවකාලික ඉදිකිරීම් නවතා ඇති සියලු ස්ථාන පරීක්‍ෂා කරන ලෙසත් අද පැවති රැස්වීමේදී තීරණය කෙරිණ. කොවිඩ් - 19 රෝගයේ ව්‍යාප්තිය හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තිය මර්දන කටයුතු පිළිබඳ අවධානය ගිලිහි ගියහොත් රට තුළ ව්‍යසනකාරී තත්වයක් ඇති විය හැකි බව මෙහිදී ප්‍රකාශ කෙරිණ. 2019 වසරේ දී පමණක් ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් ඩෙංගු රෝගයට ගොදුරු විය.

    Latest News