අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය, මාන්කුලම වැව කැඩී යාමෙන් ඒ-9 මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. ඒ-9 මාර්ගය හරහා යාපනය සංචාරයට එක්වන සංචාරකයින් ඒ ගැන අවධානයෙන් පසුවන ලෙස ආරක්‍ෂක අංශ දැනුම් දෙයි.
මිලිමිටර් 250කට අධික වර්ෂාවක් කිලිනොච්චිය ප්‍රදේශයට ඇද හැලුණු අතර ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී තිබේ. මාන්කුලම වැව කැඩීයාමෙන් ඇතිවූ ජල ගැලීම්වලින් කොටුවී සිටින ජනතාව බේරා ගෙන ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට ආරක්‍ෂක අංශ නිලධාරීන් මෙහෙයුමක් දියත් කර ඇත.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...