දිනකට පී.සී.ආර්.පරීක්ෂණ සංඛ්‍යාව 6000 කළ හැකි තත්වයක්

මැයි 02, 2020

    දිනකට සිදුකරන පී.සී.ආර්.පරීක්ෂණ සංඛ්‍යාව 6000 දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    මේ වනවිට රජයේ හා පෞද්ගලික අංශයේ රසායනාගාර 15ක පී.සී.ආර් පරීක්ෂණ සිදුකරනු ලැබේ.

    එම රසායනාගාර සේවකයන්ට ආරක්ෂිත ඇඳුම් අඩුපාඩු ඇත්නම් ඒවා වහාම සපයන ලෙස ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    මේ අතර, මෙරට කොරොනා ආසාදිතයන් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඔ දිස්ත්‍රික්කයෙන්.

    වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවදානම් කලාප ලෙස කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වලින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

    Latest News