කොරෝනාව පැතිරයාම පාලනයට ක්‍රියා කළ බුද්ධි අංශය

මැයි 02, 2020

    කොරෝනා ආසාදිතයින් හා ආශ්‍රිතයින් සොයා ගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ සාකච්ඡාවක් අද (02) පැවැත්වුණා.

    එම සාකච්ඡාව සියලු මාධ්‍ය ආයතන ඒකාබද්ධව සජීවීව ලෙස විකාශ කෙරුණා.

    එහිදී රාජ්‍ය බුද්ධි සේවාවේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා ප්‍රකාශ ක‍ළේ කොරෝනා වෛරසය පැතිර යාම පාලනයට නතු කර ඇති බවයි.

    කොවිඩ් -19 වෛරස ආසාදිතයින් විසි පස්දෙනෙකු ඊයේ දිනය තුළදී මෙරටින් සොයාගත්තේය.

    ඉන් දහඅටදෙනෙක් නාවික හමුදා සෙබළුන්.

    ඒ අනුව මේ වනවිට මෙරට වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 690ක්.

    මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සියල්ල හඳුනාගෙන ඇති බව රාජ්‍ය බුද්ධි සේවයේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා සදහන් කළේය.

    ගතවු පැය 24ක කාලය තුල කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 690 දක්වා ඉහළ ගියේය.

    රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා ඊයේ දිනය තුළ නිවෙස් වෙත පිටත්ව ගිය අතර මේ වන විට සුවය ලැබු පිරිස 162 කි.

    වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවත් පුද්ගලයන් 521 දෙනෙකු මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන හතක පසුවන බවයි.

    මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ සතුව පවතින බව රාජ්‍ය බුද්ධි අංශය පවසයි.

     

    Latest News