මිලියන 150කට විද කළමනාකාරිණිය අතුරුදන්

දෙසැ 23, 2018

    බලන්ගොඩ, උඩවෙල ප්‍රදේශයේ මුල්‍ය සමාගමක කළමණාකාරිනියක් එහි තිබු රුපියල් මිලියන 150ක මුදලක් සමඟ අතුරුදන්ව වී ඇත. උඩවෙල සමූපකාර ණය දෙන සමිතියේ (සණස) බැංකුවේ කළමනාකාරිනියක් මෙසේ අතුරුදන්ව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. මෙහි ගනුදෙනුකරුවන් හාරසියයකට වැඩි පිරිසක් මුදල් තැන්පත් කර තිබේ.

    මුල්‍ය ආයතනයේ සභාපතිවරයා අද එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ගනුදෙනු කරුවන් තැන්පත් කර ඇති මුදල් ඔහුගෙන් ඉල්ලීමත් සමඟ දැඩි උණුසුම් තත්වයක් ඇති වූ බව අප වාර්තාකරු පවසයි. එම අවස්ථාවේ සභාපතිවරයා ගනුදෙනුකරුවන්ට පවසා සිටියේ විගණනයක් කර, සමූපකාර කොමසාරිස්ට දන්වා ගනුදෙනු කරුවන්ට සාධාරණයක් ඉටු කර දෙන බවයි.

    ප්‍රදේශයේ අවමංගල්‍යාධාර සමිතියේ ලක්‍ෂ තුනකට අධික මුදලක් එහි තැන්පත් කර තිබීම හේතුවෙන් ඉදිරියට මියයන පුද්ගලයන්ගේ නිවෙස්වලට මුදල් ගෙවීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද එම සංගමයේ නිලධාරීන් කියා සිටියේය.

    Last modified on ඉරිදා, 23 දෙසැම්බර් 2018 18:52

    Latest News