මුදල් ගෙවා නිරෝධායනය විය හැකියි

මැයි 04, 2020

    විදේශ රටවල සිට මෙරටට පැමිණෙන ලාංකිකයන් හට මුදල් ගෙවා නිරෝධායනය වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය විසින් මේ වනවිට කටයුතු සුදානම් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    මෙරට හෝටල් කිහිපයකම හිමිකරුවන් සිය හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට ඉදිරිපත් වී ඇති බවද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

    ඒ සඳහා දිනකට රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.

    Latest News