කොවිඩ් මරණ 8 යි... අසාදිතයින් 721 යි...

මැයි 04, 2020

    මෙරට 8වැනි කොරෝනා මරණය මීට ටික වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් එලෙස මියගොස් ඇති බවයි.

    ඇය කුරුණෑගල, පොල්පිතිගම ප්‍රදේශයේ කාන්තාවක් බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

    මේ අතර, කොරෝනා ආසාදිතයින් ගණන 721ක්.

    තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

    ඒ අනුව මේ වනවිට සමස්ත ආසාදිතයින් ගණන 721 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News