නව ආරකින් යුතු ගීතයේ සංයුක්ත තැටිය එළිදක්වයි

මැයි 05, 2020

    කොරෝනා වසංගතයෙන් ජනතාව මුදා ගැනීමට ඇප-කැපවන සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ රාජ්‍ය සේවකයන් දිරිමත් කිරීමට හා ඔවුන්ට ගෞරව පුද කිරීමට නව ආරකින් යුතු ගීතයක් රචනා කර තිබේ.

    එය රචනා කළේ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතායි. ගීතය ඇතුලත් සංයුක්ත තැටිය අද එළිදක්වනු ලැබීය. ඒ, ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී. ගීතය ගායනා කරනු ලබන්නේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් විශාරද සහන් ගුණවර්ධන විසින්. උත්සවයේ විශේෂ දේශනය සිදු කළේ ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා මහතායි. ප්‍රවීණ සංගීතඥ තරුපති මුණසිංහ මහතා විසින් ඊට සංගීතය සපයයි. පළමු සංයුක්ත තැටිය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අද පිළිගන්වනු ලැබීය. ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News