ලාංකිකයන් දෙදෙනෙක් ඉන්දීය අත්අඩංගුවේ

මැයි 08, 2020

    ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ඇතුළු තබ්ලිග් ජමාත් සංවිධානයේ සාමාජිකයන් 13 ක් ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.

    කොවිඩ් - 19 පාලනය කිරීමට ඉන්දීය රජය ගෙන ඇති නීති උල්ලංඝනය කරමින් පල්ලියක් තුළ රැඳී සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා වීසා නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත.

    ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව එරට මාධ්‍යවල වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News