මුල්ලේරියාව හෙද කාර්යමණ්ඩලයට නව නේවාසිකාගාරයක්

මැයි 08, 2020

    මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ හෙද කාර්යමණ්ඩලයට නව නේවාසිකාගාරයක් අද (08) ඉදිකර දී තිබේ.

    කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කරනු ලබන දිවයිනේ ප්‍රධානතම රෝහලක් ලෙස මුල්ලේරියාව  ජාතික බෝවන රෝග විද්‍යාතනය හැඳින්විය හැකියි.

    ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ ශ්‍රම දායකත්වයෙන් හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ තාක්ෂණික දායකත්වයෙන් මෙහි වැඩ නිම කර තිබේ.

    අද දිනයේ දී වැඩ නිම කරන ලද නේවාසිකාගාරය කාමර 16 කින් යුක්ත වෙයි. එහි හෙද නිලධාරිනියන් 30 කු සඳහා නේවාසික පහසුකම් ඇත.

    Latest News