ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

මැයි 11, 2020

    දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්වයක් නිසා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මධ්‍යම, සබරගමුව, ඌව, දකුණ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

    Latest News