කෑගල්ල දිස්තික්කයේ මී උණ පැතිර යාමේ අවදානමක්‌ (වීඩියෝ)

මැයි 13, 2020
  • කෑගල්ල දිස්තික්කයේ මී උණ පැතිර යාමේ අවදානමක්‌ ඇතැයි, දිස්තික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පත්මකුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

    මී උණ රෝගයෙන්‌ කෑගල්ල මහ රෝහලේ දී පසුගිදා රෝගීන්‌ තිදෙනෙකු මියගොස්‌ තිබේ.

    මේ බව හෙළිදරව්‌ කෙරුණේ, ඊයේ කෑගල්ලේදී පැවති මාධ්‍ය හමුවකදීය. කොව්ඩි 19 වසංගතය පිළිබඳ වැඩි අවධානයක්‌ යොමුවී තිබියදී ජනතාව කුඹුරු වැඩ හා ඇලවේලි පවිත්‍ර කිරීම්වල නිරත වේ. එම නිසා මෙම රෝගය පැතිර යාමේ අවදානමක්‌ ඇතැයි, දිස්ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පත්මකුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

    Last modified on බදාදා, 13 මැයි 2020 18:32

    Latest News