COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රු. මි. 915 දක්වා ඉහළට

මැයි 13, 2020

    ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ රංගිරි දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමය රුපියල් මිලියන පහ බැඟින් වූ පරිත්‍යාග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.ඒ. මානෙල් බණ්ඩාර මහතා රුපියල් 50000 ක්, ගම්පහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මානෙල් කරුණාවංශ මහතා රුපියල් 16500 ක්, සරත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂ පහක්, NEC Lanka Industries රුපියල් මිලියනයක්, උදාර ගිංතොට සහ මහේෂ් ඩයස් මහත්වරුන් රුපියල් ලක්ෂයක් COVID – 19 ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර ඇත.

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ සෘජු තැන්පතු සමග COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 915 ඉක්මවා තිබේ. ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඉල්ලීම පරිදි රංජන් ද සිල්වා සහ ටෙලිනාට්‍ය නිෂ්පාදක රොෂාන් වෙල්ලප්පුලි මහත්වරුන් විසින් කොළඹ ජාතික රෝහලේ සායනික කටයුතු වෙනුවෙන් ජංගම දුරකථන 03ක් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා වෙත අද (13) දහවල් භාරදෙනු ලැබීය.

    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරේ. දෙස් විදෙස් පරිත්‍යාගශීලිහු ගිණුමට දායක වී සිටිති. නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇත. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට පිළිවන. දුරකථන අංක 011 – 2354479 / 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩි විස්තර දැනගත හැකිය.

    Latest News