මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් 96ක් පිටව යයි

මැයි 14, 2020

    මෙරට රැදී සිටි බ්‍රිතාන්‍යය ජාතිකයින් ඇතුළු 96ක් ඊයේ (13) රාත්‍රීයේ දී දිවයිනෙන් පිටත්ව ගියේය.

    ඒ යූ.එල්. 503 දරන ශ්‍රී ලංකන් ගුවන් යානයෙන්. එම පිරිසගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමෙන් පසු එම පිරිසට ගුවන් යානය වෙත ඇතුල් වීමට අවසර හිමි විය.

    විදෙස් ගතවීම සඳහා පැමිණි පිරිස කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයට ඇතුලත් කරගැනීමට පෙර ඔවුන් සහ ඔවුන්ගේ ගමන් මලු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජහරණයට ලක් කෙරිණ.

    Latest News