යුද විජයග‍්‍රහණයට අදට වසර 11 යි

මැයි 18, 2020

    ත‍්‍රස්තවාදයෙන් රටමුදා ගනිමින් LTTE පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග‍්‍රහණයට අදට 11 වසරක් සපිරෙයි.

    ඒ අනුව 11 වන ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී හෙට (19) පස්වරු 04.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.

    යුද, නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකායේ සේවය කොට රට වෙනුවෙන් දිවිපිදූ දේශපේ‍්‍රමී වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් එහිදී ජාතියේ උපහාරය පිරිනැමීමට නියමිතයි.

    Latest News