සබරගමුව විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍යපාද කුඹුරුගමුවේ වජිර නායක ස්වාමීන් වහන්සේ විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවන ලද අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්යක්ෂ පූජ්‍යපාද වටිනාපහ සෝමානන්ද හිමියන් විසින් පිලිගැනීමේ කතාව සිදුකරන ලදී.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය, පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙනෙහි පරිවෙනාධිපති පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ විසින් මෙහිදී අනුශාසනාවක් ද සිදු කළහ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා ඇතුළු ගිහි පැවිදි නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.