මේ අනුව ඊයේ දිනයේ වාර්තා වු ආසාදිතයින් 27 දෙනාගෙන් 11දෙනෙකු නවික හමුදා සමාජියින් බව වාර්තා වේ. කෙසේ වෙතත් ඊයේ දිනය තුළ පුද්ගලයින් 20 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 604 ක්.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 442 දෙනෙක් රෝහල්ගතව ප්රතිකාර ලබයි. කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.