පොසොන් පොහොයටත් ගෙදර සිට සිල්සමාදන් වෙන්න (වීඩියෝ)

මැයි 23, 2020
  • කොවිඩ් වසංගත තත්වය පාලනය වෙමින් පවතින මේ අවස්ථාවේ, මෙවර පොසොන් පොහෝ දිනය ද නිවසේ සිට සිල් සමාදන්වීම ඇතුළු වත්පිළිවෙත්වල යෙදෙන්නැයි, අග්‍රාමාත්‍ය කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    පොසොන් පොහොය දින විශේෂ ආගමික වතාවත් පැවැත්වෙන සිද්ධස්ථානවල සිට මාධ්‍ය ආයතන ඒවා සජීවීව විකාශය කරනු ඇත. සංකේතවත්ව එම ස්ථානවල සිට පවත්වනු ලබන පොසොන් පොහොය දින ආගමික වැඩසටහන් සඳහා සැදැහැවතුන් සහභාගි කරවා ගැනීමේදී සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවල උපදෙස් අනුව, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කළ යුතු බව, අග්‍රාමාත්‍ය කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    එබැවින් වෙසක් පොහොය දින රට පුරා ආගමික වතාවත් ඉටු කළ ආකාරයෙන්ම මෙවර පොසොන් පොහොය දිනය ද රට පුරා ආගමික වත්වත්වල යෙදෙන මෙන් බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ යේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා ඉල්ලා සිටින බව, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

    Last modified on සෙනසුරාදා, 23 මැයි 2020 20:17

    Latest News