එමෙන්ම මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තා රෝගීන් ගණන 1089ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ(23) වාර්තා වූ රෝගීන් 21 දෙනාත් සමගයි. එම රෝගීන් 21න් 19ක් නාවික හමුදා සෙබලුන් වන අතර ඉතිරි දෙදෙනා විදේශයන්හි සිට පැමිණි අය බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මේ වන විට ආසාදිතයින් 420ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 101 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 9කි.