බස්නාහිර උතුර, නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරක් මත පමුණුගම ප්‍රදේශයේ දී මෙම 45 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී බ්ලූමැන්ඩල් සංඛ නමැති පාතාල කණ්ඩායම් සාමාජිකයා ග්‍රෑන්ඩ්පාස්හිදී වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් හා ඔහුගේ ජංගම දුරකථනය පුළුස්සමින් සිට ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි. බ්ලූමැන්ඩල් සංඛ මේ වන විට පළාගොස් සැඟව සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.