සංක්‍රමණික ශ්‍රමිකයන්‌ නැවත මෙරටට ගෙන්වා ගැනීම දිගටම

මැයි 30, 2020

    සංක්‍රමණික ශ්‍රමිකයන්‌ නැවත මෙරටට ගෙන්වා ගැනීම සිදුකරන බව, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ්‌ ගුණවර්ධන පවසයි.

    අමාත්‍යවරයා කියා සිටියේ, අවදානමට ලක්වීමේ හැකියාව සහ සත්කාරක රටවල නීත්‍යනුකූලව රැඳී සිටීමේ අවස්ථාව හෝ සේවය කිරීමේ අවස්ථාව අහිමිවූ තැනැත්තන්‌ පිළිබඳව සලකා බලා ඔවුන්‌ ගෙන්වා ගැනීම සිදු කරන බවයි.

    කොවිඩි කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කර විදේශගත ශ්‍රී ලාංකිකයින්‌ ගෙන්වා ගැනීම කාර්යය සිදු කරන බවයි, විදේශ සබඳතා අමාත්‍යාංශය පවසන්නේ, කුවේට් රාජ්‍යයේ සිට ගෙන්වා ගැනුණු පුද්ගලයන් අතරින්‌ වැඩි පිරිසක්‌ කොවිඩ් ආසාදිතයින්‌ ලෙස හඳුනාගැනීමත්‌ සමග සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සහ නිරෝධායන මධ්‍යස්ථානවලට පවතින පීඩනය පිළිබඳව ද දැඩි අවධානය යොමු කෙරෙනු ඇත.

    ඉදිරියේදී සියලු ගුවන්‌ ගමන්වලට පෙර පීසීආර්‌ පරීක්‍ෂණ සිදුකිරිමට ඇති හැකියාව ද විමර්ශනය කෙරෙනවා. විදේශ සබඳතා සහ නිපුණතා සංවර්ධන රැකියා හා කම්කරු සබඳතා යන අමාත්‍යංශවල ලේකම්වරුන්‌, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති සහ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්‌ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුවී තිබෙනවා. එම සාකච්ඡාව පැවැත්වුණේ, විදේශ අමාත්‍යාංශයේදී. රටවල්‌ 123 ක සිටින ශ්‍රී ලාංකිකයින්‌ 42,522 දෙනෙකු නැවත මෙරටට පැමිණීමේ අපේක්‍ෂාවෙන්‌ පසුවනවා. ඉන්‌ 35,000 කට ආසන්න පිරිසක් ශ්‍රමිකයින්. තවත් 4961 දෙනෙකු කෙටි කාලීන වීසා බලපත්‍රලාභීන් වනවා. සිසුන් 2016 දෙනෙකු ද ඒ අතර වන බවයි විදේශ සබඳතා අමාත්‍යංශය පවසන්නේ.

    Latest News