මහ මැතිවරණයට අදාළ මනාප අංක මුද්‍රණය කඩිනමින්

ජූනි 07, 2020

    මහ මැතිවරණයට අදාළව මේ වනවිට දිස්ත්‍රික්ක 6 ක මනාප අංක මුද්‍රණය කර අවසන් කෙරේ.

    සෙසු දිස්ත්‍රික්කවල අපේක්ෂකයන්ගේ මනාප අංක ද කඩිනමින් මුද්‍රණය කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පවසයි.

    ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වනවිට අවසන් කර තිබෙන බවත් නාමයෝජනාවලට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණයට ද කටයුතු සූදානම් කර තිබෙන බවත් පැවසූ ඒ මහත්මිය, මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ වහාම එම ගැසට් නිවේදනය නිකුත් කරන බව ද පැවසුවාය.

    ඇය සඳහන් කළේ මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට නියමිත බවයි.

    Latest News