අදත් මැතිවරණ පෙරහුරු වැඩසටහන් කිහිපයක්

ජූනි 13, 2020

    අද (13) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

    මීගමුව, කල්පිටිය, කොටපොල, ලුණුගම්වෙහෙර, රත්තොට සහ දිඹුලාගල යන ප්‍රදේශවලදී මැතිවරණ පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ගම්පහ, ගාල්ල, හම්බන්තොට, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික් කේන්ද්‍ර කර ගනිමින් එම වැඩසටහන් පැවැත්වෙන බවයි.

    කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍යා රක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය භාවිත කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මෙම පෙරහුරු මැතිවරණ පැවැත්වීමෙන් අපේක්ෂා කෙරේ.

    Latest News