කොරෝනා ආසාදිතයින් 1901 ක් දක්වා ඉහළට

ජූනි 15, 2020

    අද දිනය තුළ මේ වනතෙක් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මාලදිවයිනේ සිට පැමිණි 06 දෙනෙකුත් කුවේට් සිට පැමිණි 05 දෙනෙක් සහ බංග්ලාදේශයේ සිට පැමිණි අයෙකු මෙලෙස කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් බවයි.

    ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1901 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වනවිට කොරෝනා ආසාදිතයින් 548 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

    ඒ අනුව, සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1342 ක්.

    Latest News