කොවිඩ්-19 රෝගීන්ට බ්‍රිතාන්‍යයෙන් සාර්ථක ඖෂධයක්

ජූනි 17, 2020

    කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බ්‍රිතාන්‍ය සාර්ථකව ඖෂධයක් අත්හදා බලා තිබේ.

    ඩෙක්සා මැතසොන් නමැති මෙම ඖෂධය ලාබදායිවීම හා හිඟයකින් තොරව ලබා ගැනීමට හැකිවීම එහි ඇති විශේෂත්වයක්.

    කොවිඩ්-19 රෝගීන්ට සිදු කළ ප්‍රතිකාරවලදී මෙම ඖෂධ වඩාත් ඵලදායි ප්‍රතිඵල ගෙන දී තිබේ. බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ, රෝගය වේගවත්ව සුව කිරීමට මෙම ඖෂධය ඉවහල් වන බවයි. ඖෂධයෙන් කොරෝනා වෛරසයට කෙරෙන බලපෑම් පිළිබඳ තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකයි. ඖෂධය යොදා ගනිමින් මරණ අවදානමකින් පසුවූ රෝගීන් සුවපත් කිරීම සතුටට කරුණක් බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මාධ්‍ය හමුවකදී කියා සිටියේය. එහෙත් ඖෂධ තවමත් පවතින්නේ පරීක්‍ෂණ මට්ටමේ. මෙය වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිත කිරීම අවදානම් බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

    Latest News