පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇරඹීමට සූදානමක් ඇතැයි කීම සම්පූර්ණ අසත්‍යයක් (වීඩියෝ)

ජූනි 18, 2020
  • මෙරට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට රජයේ සූදානමක් ඇතැයි ගෙන යන ප්‍රකාශයද සම්පූර්ණයෙන් අසත්‍ය බව කැබිනට් ප්‍රකාශක, උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

    විෂය භාර අමාත්‍යවරයා වශයෙන් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර ඒ සඳහා කිසිම ඉල්ලුම්පත්‍රයක් හෝ මෙතෙක් ලැබී නැති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

    නමුත් විදේශ විශ්වවිද්‍යාලයන්ගේ සිසුන් මෙරට සෞඛ්‍ය ආයතන සහ අධ්‍යාපන ආයතනයන්ට පුහුණු වීම් සඳහා එවීම සාමාන්‍ය ක්‍රියාවක් මිස රජය හෝ තම අමාත්‍යංශය වෛද්‍ය විශ්වවිද්‍යාලයක් සඳහා ඉල්ලුම් පත්‍රයක් හෝ සළකා බලා නැති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

    මැතිවරණය ඉලක්ක කරගනිමින් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන විවිධ ප්‍රකාශ සිදු කරන බවත් උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවට නිරන්තරයෙන් අධාර ලබා දෙන ජපානයේ ජයිකා ආයතනය සම්බන්ධයෙන් ද එවැනි ප්‍රකාශ සිදු කරන බවත් ජපානයේ ජයිකා ආයතනය සහ ශ්‍රී ලංකා රජය ඉතා හොඳ සබඳතාවක් පවත්වාගෙන යන බවද ජපන් රජය දීර්ග කාලිනව ලබා දෙන අධාර සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා පැහැදිළි කරමින් පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූනි 2020 20:15

    Latest News