මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ පිහිටි කාර්යාලයට හා යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරයාට අද ලිපියක් බාරදෙනු ලැබීය.
එම ලිපියේ සඳහන් වන්නේ, සූකා මහත්මිය ගත් ක්රියාමාර්ග හේතුවෙන් සලේ මහතාට ජිවිත තර්ජනයක් එල්ල විය හැකි බවයි. එමගින් අවධාරණය කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ අයි.සී.සී. පී.ආර්. ගිවිසුමේ සඳහන් කරුණුවලට යස්මින් සූකා මහත්මියගේ ප්රකාශ මුළුමණින්ම පටහැනි බවයි. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ උපදෙස් මත ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් පිරිසක් එම ලිපිය අදාළ කාර්යාලවලට බාරදුන්නේය.