මිලියන 06 ක කේරළ ගංජා අත්අඩංගුවට

ජූනි 19, 2020

    කාකතිව් දුපතේ සිදුකල විශේෂ වැටලීමකදී රුපියල් මිලියන 06ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 58ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේ මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටුවකින් ගෙනවිත් මෙරට දේශ සීමාව අසලදී මෙම සැකකරුවන්ට ලබාදී ඇති බවයි.

    මෙම සැකකරුවන් දෙදෙනා එම කේරළ ගංජා තොගය කාකතිව් දුපතට ගෙනවිත් තිබියදී නාවික හමුදාව විසින් අත්ඩංගුවට ගත් බවයි, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

    අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් දෙදෙනා යාපනය පොලිසියට භාරදී ඇත.

    Latest News