හැටන් නගරයේ අනවසර වෙළඳසැල් ඉවතට

ජූනි 19, 2020

    හැටන් මහජන වෙළඳපල පිටුපස පාරිභෝගිකයින්ට අවහිර වන සේ පවත්වාගෙන ගිය අනවසර වෙළඳසැල් ඉවත් කිරීමට හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරීන් අද කටයුතු කිරීමත් සමග ඔවුන් සහ වෙළඳුන් අතර නොසන්සුන්තාවක් හට ගත්තා.

    අදාළ වෙළඳසැල් ඉවත් කරන ලෙස හැටන් දික්ඔය නගර සභාව වෙළඳුන්ට මීට පෙර දැනුම්දීමක් ද සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    අදාළ වෙළඳසැල්වල තිබූ භාණ්ඩ හැටන් දික්ඔය නගර සභාව වෙත රැගෙන යාමට එහි නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

    Latest News