කන්ජිපානිගේ පියාට පහරදුන් තිදෙනෙක් රිමාන්ඩ් භාරයට

ජූනි 20, 2020

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඔවුන් ලබන මස 2 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

    සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙක් පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

    පසුගිය 17 වැනි දින පස්වරුවේ මාලිගාවත්ත සද්ධර්ම මාවත අසල දී ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් කංජිපානී ඉම්රාන්ගේ පියාට පහරදීම සිදුකර තිබුණි.

    Latest News