සහරාන්‌ට ඉන්දියාවට පළා යාමට රිෆ්ඛාන්‌ බදියුදීන්‌ උදව් කළ බවට යළි තහවුරු වෙයි (වීඩියෝ)

ජූනි 24, 2020
  • තවුහිද්‌ ජමාත්‌ සංවිධානයේ සහරාන්‌ හෂීම්ට ඉන්දියාවට පළායාම සඳහා හිටපු අමාත්‍යවරයෙකුගේ සොහොයුරෙකු වූ රිෆ්ඛාන්‌ බදියුදීන්‌ සහය දැක්වූ බවට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියෙකු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ කොම්සම හමුවේ ඊයේ යළි තහවුරු කළා.

    එම නිලධාරියා සාක්‍ෂි ලබාදීම සඳහා ඊයේ යළි කැඳවා තිබුණා.

    සාක්‍ෂිකරු එහිදී සඳහන්‌ කළේ, සහරාන්‌ හෂීම්‌ හට ඉන්දියාවට පළා යාමට රිෆ්ඛාන්‌ බදියුදීන්‌ නමැත්තා උපකාර කළ බවට තමන්‌ වෙත ලැබුණු බුද්ධි තොරතුරුවල පැහැදිලිව සටහන්‌ වූ බවයි. හිටපු අමාත්‍යවරයාගේ තවත්‌ සහෝදරයෙකු වන රියාජ්‌ බදියුදීන්‌ නමැත්තා ද පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන යටතේ අපරාධ පර්ක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්‌අඩංගුවේ පසුවනවා. මේ අතර, සිනමන්‌ ගෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ්‌ අහමඩ්‌, ප්‍රහාරයට ආසන්න දින කිහිපය තුළ ගමන්ගත්‌ ස්ථාන හා ක්‍රියාකාරකම්වලට අදාළ සීසිටීව්‌ දර්ශන පෙළක්‌ ජනාධිපති කොම්සම හමුවට ඊයේ පළමුවරට ඉදිරිපත් කෙරුණා. එහි දැක්වෙන්නේ බෝම්බකරු විදේශගත වන බව අඟවමින් 2019 අප්‍රේල් 19 වැනිදා කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තය වෙත පැමිණෙන ආකාරයයි.

    ඔහුගේ බිරිඳ හා දරුවා ද මෙම සුඛෝපභෝගි රථයෙන්‌ ගුවන්‌ තොටුපොළ වෙන පැමිණ, ඉන්සාෆ්‌ අහමඩ්‌ බැසයාමෙන්‌ පසු මන්නාරම බලා පිටත්ව ගොස්‌ තිබෙනවා. ව්‍යාපාරික කටයුත්තකට ඔහු විදේශගත වන බව කියා තිබුණන්‌, රථය පිටව යාමෙන්‌ පසු ඔහු පැමිණීමේ පර්යන්නය දක්වා පාගමනින්‌ ගොස්‌ කුලී රථයක නැගී දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවස වෙත පැමිණ ඇති බවයි, හෙළිවී ඇත්තේ. ඔහු අප්‍රේල්‌ 21 වැනිදා සිනමන්‌ ග්‍රෑන්ඩ්‌ හෝටලයේදී පෙරවරු 9.12 ට පමණ බෝම්බය පුපුරවා හරිනු ලැබුවේ ඉන්‌ අනතුරුවයි.

    Last modified on බදාදා, 24 ජූනි 2020 20:31

    Latest News