මෙසේ දඬුවම් නියම වූයේ කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි අයෙකුටි.
2012 වසරේ නොවැම්බර් මස 10 වැනි දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මරදාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 14.76 ක් සමග මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිිබිණ.
ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවට තීන්දු කළේය.
ඉන් අනතුරුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බව ද විනිසුරුවරයා විසින් තීන්දු කර ඇත.