ඥාණසාර හිමි ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ රිට් පෙත්සම් 4ක් ඉවත් කර ගනී

ජූනි 25, 2020

    අපේ ජන බල පක්ෂය විසින් කුරුණෑගල දිස්ත‍්‍රික්කය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට දිස්ත‍්‍රික් තේරීම් භාර නිලධාරියා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ රිට් පෙත්සම් හතරක් අද එම පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කරගනු ලැබුවා.

    අදාළ පෙත්සම් ගොනුකර තිබුණේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු පිරිසක් විසින්.

    පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ අදාළ පෙත්සම් වලට සමානව අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් මීට පෙර නිෂ්ප‍්‍රභා කර ඇති බැවින් එම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවයි.

    ඒ අනුව එම පෙත්සම් නිෂ්ප‍්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

    Latest News