උදාවන්නේ වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග අප වෙත යොමු කරවන ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් - ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්

ජන 01, 2019
  • මේ උදාවන්නේ වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග අප වෙත යොමු කරවන ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

    නව අවුරුදු සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ ඒ හා බැඳුනු සියලූ අභියෝග පුද්ගලයන් වශයෙන් ද දේශයක් වශයෙන් ද ජයගත යුතු අවස්ථාවක් බවයි. 

    උදාවු නව වසර ශික්ෂණය සංහිඳියාව හා සමෘද්ධිය සාක්ෂාත් කර ගත හැකි පුළුල් මාවත් පෙරට වැඩි අවධානයකින් හා නුවණැසකින් හඳුනා ගැනීමට සියලූ දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

    උදාවූ නව වසර ආදරණීය ශ‍්‍රී ලාංකීය ජනතාවගේ සෑම පැතුමක්ම ඉටු වන සියල්ලන්ගේ චිර ජීවණය හා සෞභාග්‍යය සැලසෙන සමයක්ම වේවායි තමන් හෘදයාංගමව ප‍්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා නව වසර වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

     

    ජනාධිපතිතුමා නිකුත් කර ඇති සුබ පැතුම් පණිවුඩය-

    he massege

    Last modified on අඟහරුවාදා, 01 ජනවාරි 2019 09:27

    Latest News