කිංස්බරි බෝම්බකරුට ආධාර දුන් අබ්දුල්ලාහ් රක්‍ෂිත බන්ධනාගාරයට

ජූලි 01, 2020

    කොළඹ කිංස්බරි හෝටලයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ බෝම්බකරු වන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැතහොත් අබ්දුල්ලාහ් යන සැකකරුට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

    කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි මොහොම්මවූ අර්ෂාද් යන සැකකරු ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුවයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝගය නිකුත් කළේ.

    මේ අතර, මහේස්ත්‍රාත් නිල මැදිරියේදී සාක්‍ෂිකරුවන් පිරිසක් ලබා දුන් රහස් ප්‍රකාශය මාධ්‍යයට හෙළිදරව් වීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තා කරන්නැයි, කොටුව මහේස්ත්‍රාත්වරයා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කළා.

    Latest News