ඒ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදුවූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමටයි.
ඔහු ඒ සඳහා හෙට(03) උදෑසන එම ඒකකයට කැඳවා ඇති බව වාර්තා වේ.
මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර අද(02) උදෑසන 9.00ට "කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය" වෙත පැමිණ පැය 9යක ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දුනි.
2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා කළ චෝදනාව ආන්දෝලනයට තුඩු දුන් අතර “කී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය“ ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක්ද සටහන් කර ගෙන තිබිණ.