බංග්ලාදේශ අගමැතිනියට: ජනපති සහ අගමැතිගෙන් සුබපැතුම්

ජන 02, 2019

    බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධූරයට යළි තේරීපත් ෂික් හසීනා මහත්මියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබපැතුම් පිරිනමයි.

    ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කර ඇත්තේ, දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට අපේක්‍ෂා කරන බවයි. බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 300න් 288ක් ම දිනා ගනිමින් තෙවැනි වරටත් අග්‍රාමාත්‍යධූරයට පත්වීමට ෂීක් හසීනා මහත්මිය පසුගියදා සමත් වූවාය. ඇය වෙත හෘදයාංගම සුබපැතුම් පිරිනමන ශ්‍රී ලංකා ජනාධිපතිතුමා බංග්ලාදේශ ජනතාව ඇය කෙරෙහි පවත්නා විශ්වාසය යළි තහවුරු කර ඇතැයි සඳහන් කරයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ෂික් හසීනා මහත්මිය වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කර තිබේ. දෙදෙනා අතර ඊයේ දහවල් පැවති දුරකතන සංවාදයේ දී වික්‍රමසිංහ මහතා බංග්ලාදේශ නව අගමැතිනියට ශ්‍රී ලංකා රජය ප්‍රමුඛ සමස්ත ජනතාවගේ සුබපැතුම් පිරිනමන බව, සඳහන් කර ඇත.

    Last modified on බදාදා, 02 ජනවාරි 2019 19:35

    Latest News