කොවිඩ් ආසාදිතයන් 2674ක් දක්වා ඉහළ යයි

ජූලි 16, 2020

    මෙරට දී වාර්තා වූ සමස්ත කොවිඩ් 19 අසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 2674 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ (15) දිනය තුළ තවත් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

    කෙසේ වෙතත් ඒ අතරින් කන්දකාඩු ආසාදිත පොකුරට අදාළව හමුවී ඇත්තේ, එක් ආසාදිතයෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    බඹරදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර ඇත.

    ඒ අතරින් පුද්ගලයන් සිව්දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටි පුද්ගලයින් වන අතර අවසන් ආසාදිතයින් තිදෙනා ද මේ අතරට අයත්ය.

    සෙසු සිව්දෙනා කටාර් රාජ්‍යෙය් සිට මෙරටට පැමිණ තිබුණි.

    මේ අතර, කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ සියලු පාර්ශ්වයන් මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඊයේ දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 09 දෙනාත් සමග මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 662 දක්වා ඉහළ ගොස් ඇත.

    වෛරසය අසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 2001ි.

    Latest News