"කන්දකාඩු තත්තත්වය සම්පූර්ණයෙන් පාලනය කර අවසන්…

ජූලි 16, 2020

    මේ දක්වා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ 533 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි, කොරෝනා මර්දන කාර්ය සාධන බලකා ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව,

    පුනරුත්ථාපනය වෙමින් සිටින පුද්ගලයින් – 444 ක්

    උපදේශකයින් ඇතුළු කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් – 64 ක් 

    ඔවුන් හා සම්බන්ධ ආශ්‍රිතයින් (ඊයේ වාර්තාවූ පුද්ගලයා ද ඇතුළුව) – 25ක්, වශයෙන්.

    මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයින් සහ පුනරුත්තාපනය වෙමින් සිටින සියලු දෙනාගේ PCR පරීක්ෂණ වාර්තා පැමිණ අවසන් බව යුද හමුදාපතිවරයා පවසයි.

    කන්දකාඩු වෙත පැමිණි අමුත්තන්ගේ පවුල්වල පිරිස් මේ වනවිටත් නිරෝධායනය ලක් කර ඇති බවත් තවත් සුළු පිරිසකගේ වාර්තා ලැබීමට නියමිතව ඇති බැවින් එකී වාර්තා ලද වහාම සමාජය තුළ ආසාදිත විය හැකි පුද්ගලයින් හෝ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කළ හැකි බව ඔහු වැඩිදුරටත් පවසීය.

    කෙසේ වෙතත් කන්දකාඩු තත්තත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී ඇති බව යුද හමුදාපතිවරය සඳහන් කළේය.

    මේ අතර, ඊයේ දිනයේ මෙරටින් කෙරෝනා ආසාදිතයින් 9 දෙනෙකු සොයා ගැනුණු අතර ඉන් 8 දෙනෙකුම විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරින් හඳුනා ගැනුණු අතර, අනෙක් පුද්ගලයා වාර්තා වූයේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයෙකුගේ, ආශ්‍රිතයෙකු ලෙසයි.

    Latest News