මුත්තියන්කට්ටු රක්ෂිතයේ අතරමන් වු සිසුන් සොයාගනී

ජූලි 16, 2020

    පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ මුත්තියන්කට්ටු රක්ෂිතයේ ගවේෂණ චාරිකාව යෙදී සිටිය දී අතරමන් වු යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් 9 දෙනා අද(16) උදෑසන සොයා ගෙන ඇත.

    ඊයේ (15) දිනයේ දී මෙම සිසුන් රක්ෂිතයේ අතරමන්ව ඇත.

    ලද තොරතුරක් අනුව, පසුව ඔඩ්ඩුසුඩාන් පොලීසිය විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

    පොලීසිය, ප්‍රදේශවාසීන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වන බලසේනා මුලස්ථානයේ භට පිරිස්වල සහය ඇතිව මෙම සිසුන් නිරුපද්‍රිතව අද (16) උදෑසන සොයා ගෙන ඇත.

     

    Latest News