IDH රෝහලෙන් දැනුම් දීමක්

ජූලි 16, 2020

    නව්‍ය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා IDH රෝහලෙන් උපදෙස් යන ශීර්ෂය යටතේ සමාජ මාධ්‍යවල පළවන ලේඛනය අසත්‍ය බව එම රෝහලේ බලධාරීන් පවසයි.

    එවැනි ලේඛනයක් IDH රෝහල මගින් සකස් කර නොමැති බව වාර්තා වේ.

    වෛරසයෙන් වැළකීම සඳහා සුදුසු යැයි පවසමින් ඖෂධ, ආහාර වර්ග සහ අනුගමනය කළයුතු පිළිවෙත් එම ලේඛනයේ දක්වා ඇත.

    Latest News