මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීම හෙට සහ අනිද්දා

ජූලි 16, 2020

    ඉදිරි දින දෙක තුළ දී මහ මැතිවරණයේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කරන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

    මේ අතර ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා සිටියේ‍, සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු බවි.

    දැනට පනවා ඇති මුහුණු ආවරණ පැළඳීම, මීටරයක දුර පවත්වා ගැනීම හා නිරන්තරයෙන් අත්සේදීම වැනි කරුණු ගැන ජනතාව සැළකිලිමත් නොවන්නේ නම්, වසංගතය රට ව්‍යාප්ත වීමට ඉඩ ඇති බැවින් මැතිවරණ කටයුතු සඳහා ද එය බලපතළ ලෙස බාධාවක් විය හැකි බව ද ඔහු සඳහන් කළේය.

    ඒ නිසාවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත ගැසට් පත්‍රය නොමැති වීම තම කටයුතු සඳහා විශාල බාධාවක් බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී පැවසීය.

    ගැසට් පත්‍රය පළ නොකරන්නේ නම් ඡන්ද විමසීම සිදුකිරීමට අපහසු බව කොමිෂන් සභාව විසින් මේ වනවිට සාකච්ඡා කර ඇතැයි ද මහින්ද දේශප්‍රිය මෙහිදී කියා සිටියේය.

    Latest News